
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති 20 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය.
ගීලොන්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක නැමීබියාව ට මුලින්ම පන්දුවට පහරදීම ට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 108 පමණි.