
හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබුණි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති බවත්ය.
ඒ අනුව ඊයේ (02) දිනයේදී දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කල අතර එවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බවද එතුමා පැවසීය.