
කොළඹදී ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසුවේ
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහසක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් ප්‍රකාශ කළා.
එමෙන්ම කොරෝනා ආසාදනය වීමෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ සෞඛ්‍ය වෘත්තිකයන් තිගැස්මකට පත්ව ඇති බවත් එතුමා සඳහන් කළා.