විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට අනිද්දා (15) දිනයේ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
එමෙන්ම අනිද්දා (15) දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේ වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දී තිබේ.
අද (13) පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් අද උදෑසන 10.30 සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ඇනහිටි අතර මේ හේතුවෙන් එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් විය.
අද (13) අයැදුම්පත් භාරගත් සියළු දෙනාට හෙට (14) පස්වරු 12 න් පසු දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් සිය විදේශ ගමන් බලපත්‍රය ලබා ගත හැකි බවත්, හෙට පැමිණීමට අපහසු අයැදුම්කරුවන්ට කුරියර් මගින් ගමන් බලපත්‍රය නිවසටම ලබා දීමට කටයුතු කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.