574 views 1 sec 0 comments

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට…

In Local News
May 31, 2021

ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ අතර එම සාදයට පුද්ගලයින් 25 -30 ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෙසු පිරිස හඳුනාගැනීමට CCඨ්V දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද කියා සිටියේය.