83 views 0 secs 0 comments

ලැයිස්තු මඟින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් දින 7ක් ඇතුලත නම්කර එවීමට මැතිවරණ කොමිසමෙන් දැනුම්දෙයි

In Local News
May 14, 2025

පළාත් පාලන ඡන්ද විමසීමෙන් එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල අනුව, ලැයිස්තු මගින් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් දින 07ක් ඇතුළත නම්කර එවීමට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා අදාල දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර ඇති බවයි.

මන්ත්‍රීවරුන්ගේ නම් කිරීමේදී කාන්තා නියෝජනයක් ඇති කිරීමේ අනිවාර්යතාවය පිළිබඳවද විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන්ගේ නම් ලැයිස්තු මත ලබාගත් පසු, කොට්ඨාස මට්ටමෙන් ඡන්දය මගින් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් සමඟ එක්ව ගැසට් නිවේදනයක් මඟින් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ, පළාත් පාලන ආයතන පිහිටුවීම ලබන මස 02 වැනිදා ආරම්භ කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත්ය.