
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි. එමෙන්ම එතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ජනවාරි මස 05 වැනිදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගත් බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ සහ කාර්‍ය මණඩලයේ කිහිප දෙනෙකු සිටී. එම සමීපතමයන් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇත.
අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බව වාර්තා විය.