721 views 0 secs 0 comments

ඉන්දීයා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද…..

In Sports
January 10, 2021

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය වන අද (10) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 338 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවි ලබාගත හැකි වූයේ ලකුණු 244 ක් පමණය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවන ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 312ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

තරඟයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 309ක් ලබාගත යුතු වේ.