215 views 0 secs 0 comments

තරුෂි හා දිල්හානිට මෙවර ඔලිම්පික් වරම්…

In Sports
July 02, 2024

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් කාන්තා මීටර 800 ඉසව්ව හා කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.

මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර එම ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂි ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වන අතර එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණි.