816 views 0 secs 0 comments

ඉන්දීය විදේශ කටයුතු ඇමති අද දිවයිනට..

In Local News
January 05, 2021

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද දෙදින නිල සංචාරය සඳහා අද (05) සවස 4.20ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

එම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගොස් සිටි බව වාර්ථා විය.