149 views 0 secs 0 comments

අන්තර්වාර පාලනයක් ඇති කිරීමට ජනපති කැමැත්ත පල කරයි…

In Local News
April 25, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

එමෙන්ම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර එම කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මහනාහිමිවරුන්ට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වූ බවයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.