184 views 2 secs 0 comments

කඩුලු 8ක ජයක් වාර්තා කල ඇෆ්ඝන් කණ්ඩායම…

In Sports
August 27, 2022

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා අතර ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් හා චාමික කරුණාරත්න ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙහිදී අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව නොලැබීම විශේෂත්වයක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 11 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 40 ක් හා Hazratullah Zazai ලකුණු 36 ක් ලබා ගැනීමට සමත් වුණා.