169 views 0 secs 0 comments

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහල නැංවීමට ඇමරිකාවෙන් අධාර…

In Local News
August 27, 2022

ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි.

මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වන අතර අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම ආධාර තොගය ලබාදීමට කටයුතු කළා.