176 views 0 secs 0 comments

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්ට…

In Local News
April 25, 2023

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් 10 ඇතුළත් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%ක් ලෙස දැක්වෙයි.

උද්ධමනය ඉහළ ගිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 05 වන ස්ථානයේ පසු විය.

ආහාර උද්ධමනය 261%ක් වන ලෙබනන් රාජ්‍යය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ප්‍රමුඛස්ථානයේ පසු වන අතර ආහාර උද්ධමනය 137%ක් වන සිම්බාබ්වේ රාජ්‍යය එහි දෙවන ස්ථානයේ පසුවේ.