Connect with us

Local News

නුවර එළියේ මහල් 4ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා වෙයි…

Published

on

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීම හමුවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව කැබිනට් තීරණවල සඳහන් ය.

මේ හේතුවෙන් සංචාරක ක්ශේත්‍රයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස්කිරීමටත්, නව ගොඩනැගිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඉන්ධන මිලෙහි වෙනසක්…

Published

on

By

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.
සංශෝධිත මිල ගණන් පහතින්.

එමෙන්ම ලංකා ඓOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බව දැනුම් දෙන ලදී.

Continue Reading

Local News

ජනපති ඩුබායි බලා පිටත් වේ…

Published

on

By

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ ය. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහායි.

අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී
මෙම සමුළුව පැවැත්වෙන අතර, රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ද සහභාගීත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට, අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

Local News

ජල ගාස්තු සඳහා සූත්‍රයක්…..

Published

on

By

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමි අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටි අතර යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

ඔහු පැවසුවේ, එමගින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන බවයි.

එමෙන්ම වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කර සිටියා.

Continue Reading

ප්‍රවණතාවන්