144 views 0 secs 0 comments

ඉන්දියාව සමඟ අත්සන් තැබූ ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06…

In Local News
March 29, 2022

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට, විදේශ අමාත්‍යංශයේදී ඊයේ අත්සන් තැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියා.

ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ,
සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ,
යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම,
ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම ,
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීම
සහ සුශ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.