204 views 0 secs 0 comments

ජිනීවා හිදී සම්මත වූ ලංකාව ගැන යෝජනාව…

In World News
October 06, 2022

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් අද (06) සම්මත කර ගනු ලැබුවා.
මෙම යෝජනාව ඇමෙරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 07ක් විසින් ඉදිරිපත් කරනු ලැබූවක් වන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එම යෝජනාව ඉදිරිපත් වී තිබුණි.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක්ද, විපක්ෂව ඡන්ද 07 ක්ද හිමිව තිබූ අතර රටවල් 20ක් අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ අදහස් විමසීමකින් තොරව ඉදිරිපත් වූ මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ ස්ථාවරය වේ.