
මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්ම
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය වන විට දකුණු අමෙරිකාවේ බ්‍රසීලය මෙන්ම නයිජීරියාව, නෝර්වේ, අයර්ලන්තය සහ සෞදි අරාබිය යන රටවලින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් තිබුණා. හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා අප්‍රිකාවේ රටවල සංචාරය කිරීමෙන් පසු ආපසු සිය රටට පැමිණි පිරිස් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.