190 views 0 secs 0 comments

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අත්හිටුවයි.

In Local News
March 16, 2022

ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය බදාදා (16) පස්වරුවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන දීමනා වැඩි නොකිරීමට එරෙහිව ඉන්ධන බවුසර් හිමියන් අඟහරුවාදා (15) රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කළා.
මේ හේතුව නිසා බදාදා (16) දිනයේදී බවුසර් රථ 800ක් පමණ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය (SLPPTOA) ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවන ලදී.