180 views 0 secs 0 comments

ගැබිනි මවුවරුන් සේවයට

In Local News
November 02, 2021

සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බව
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කරන බව
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේය. අවශ්‍යතාව මත දින හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවයි.