180 views 0 secs 0 comments

හරීන් රන්ජන්ට මන්ත්‍රී ධුරය දෙන්න සූදානම්

In Local News
November 02, 2021

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරගතව සිටින රාමනායක මහතාට සමාව දෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.රන්ජන් රාමනායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දීමට සූදානම් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඊයේ පැවසීය.