වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි “උරුමය” වැඩසටහනේ කොටසක් ලෙස සින්නක්කර ඔප්පු 700ක් බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. බෙදාදීම ඊයේ (26) වවුනියාව මෝජෝ උත්සව ශාලාවේදී සිදු විය. සමස්තයක් ලෙස “උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල සින්නක්කර ඔප්පු 5400ක් ප්‍රදානය කෙරේ.









