
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 ඇරඹෙන බවයි.
