70 views 0 secs 0 comments

රට තුළ ඉන්ධන සංචිත දෙමසකට ප්‍රමාණවත් – බලශක්ති අමාත්‍යාංශය

In Local News
June 22, 2025

රට තුළ ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ, මෙරට ඉන්ධන මෙහෙයුම් සිදුකරන විදෙස් සමාගම් තුනම ඉදිරි කාලය සඳහා අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බව දැනුම්දී ඇති බවයි.

ඊට අමතරව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුවද මස දෙකක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලේකම්වරයා තහවුරු කළේය.

එමෙන්ම සිංගප්පූරුව හරහා ඇණවුම් කළ ඉන්ධන තොග නියමිත වේලාවට මෙරටට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.