Connect with us

Sports

බාබර් අසාම්ට ක්‍රිකට් තරඟාවලිය අහිමි වේ…

Published

on

ලබන 18 වනදා ඔක්ලන්ඩ් හිදී ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්ට අහිමි වී තිබේ. ඒ පුහුණු සැසියක් අතරතුරදී ආබාධයකට ලක්වූ ඔහු විවේක ගැන්වීම හේතුවෙනි.
මේ හේතුවෙන් නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේදී උප නායක ෂඩාබ් ඛාන් විසින් පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ඇති බව සඳහන් වේ….

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

තරුෂි හා දිල්හානිට මෙවර ඔලිම්පික් වරම්…

Published

on

By

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ පිළිවෙලින් කාන්තා මීටර 800 ඉසව්ව හා කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ.

මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර එම ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂි ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වන අතර එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණි.

Continue Reading

Sports

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්….

Published

on

By

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Soumya Sarkar ලකුණු 68 ක්, Najmul Hossain Shanto ලකුණු 40 ක් හා Towhid Hridoy ලකුණු 96 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 4 ක්, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 ක් අවසනායේ කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 114 ක් හා චරිත් අසලංක ලකුණු 91 ක් ලබා ගැනීමට සමත් වුණා.

Continue Reading

Sports

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Published

on

By

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ.

එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්