
අද සිට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ ප්‍රදේශවල වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියමිත අත්‍ර එන්නත ලබාදෙන දිනය, වේලාව හා ස්ථානය කෙටි පණිවුඩයක් මඟින් එන්නත ලබාදෙන පුද්ගලයින් වෙත දැනුම්දෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.