178 views 0 secs 0 comments

බන්ධනාගාරයට අයත් බස් රථයක ගැටී පුද්ගලයෙක් මරුට…

In Local News
July 07, 2021

ඊයේ (06) දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී පාපැදියක් බන්ධනාගාර බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ. පාපැදිකරු 65 හැවිරිදි අයේකු බව වාර්තා වේ.

වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමග පාපැදිකරු මාර්ගය මැදට විසිවීමත් සමඟ එම දිශාවටම ගමන් කළ මඩකලපුව බන්ධනාගාරයට අයත් තවත් බස් රථයකට පාපැදිකරු යටවීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි.