
ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක් එල්ල කර එක් රැයකින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු තානාපතිවරිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව අපේක්ෂිත යහපත් අනාගතය ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් මෙන්ම වගකීමක් පවතින බව ද ඇය නිකුත් කළ ටුවිටර් පණිවිඩයේ සඳහන් ය.
