153 views 1 sec 0 comments

ඩයනා ගමගේ ගොනු කර ඇති පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමක්

In Local News, Politics
November 24, 2021

ඩයනා ගමගේ විසින් SJB පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි.ගොනු කර ඇති මෙම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඔවුන්ගේ නීතීඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ. එම විරෝධතා ගොනු කිරීමට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයන්ට දෙසැම්බර් 13 වැනිදා අවසර ලබා දුන්නේය. .
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තමන් ගත් තීරණයත් සමඟ තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බව ඩයනා ගමගේ සිය පෙත්සමෙන් ප්‍රකාශ කළාය. පෙත්සම්කාරිය කියා සිටියේ ඇය රජයේ මන්ත්‍රීවරියක් නොවන බවත්, SJB පක්ෂයේ ව්‍යවස්ථාවෙන් ඉල්ලා සිටින පරිදි ස්වාධීනව සහ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බවයි.