Connect with us

Local News

බද්දේගම සමිත හිමි අපවත් වේ….

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි, මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වී තිබේ. මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය.

මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ. යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ පසුගිය 27 වනදා රාත්‍රියේ ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම අපවත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය. උන්වහන්සේ අපවත් වීමට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය බව උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ පෞද්ගලික රෝහලේ බලධාරියෙකු සඳහන් කළේය. එමෙන්ම උග්‍ර පෙනහලු ආසාදනයකින්ද උන්වහන්සේ පෙළී සිට තිබුණි.

2001 වසරේ සිට 2004 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂූන් වහන්සේද වෙයි. ලංකා සමසමාජ පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි උන්වහන්සේ දකුණු පළාත් සභාව විසුරුවා හරිනතුරුම එහි මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කළේය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

Local News

කොටස් වෙළෙඳපොළට සජීවී ආරම්භයක් – මිල දර්ශක උඩට, ගනුදෙනු පිරිවැටුම පහළට…

Published

on

By

දීර්ඝ සතිඅන්තයකින් පසුව අද (අප්‍රේල් 16) කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත ආරම්භවූ අතර, මිල දර්ශකවල දැඩි ඉහළ යාමක් වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන්වී තිබුණි. S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 29.95කින් ඉහළ ගොස් 4,644.49ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවද, අද දිනයේ ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවති අතර, එය රුපියල් මිලියන 792ක් ලෙස සටහන් විය.

මෙහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක්ද, විකිණුම් රු. මිලියන 730ක්ද වූ අතර, විදේශීය මිලදී ගැනීම් කෙරෙහි දැඩි පහළ යාමක් පෙනී යයි. එම මිලදී ගැනීම් රු. මිලියන 11ක් වන අතර විදේශීය විකිණුම් රු. මිලියන 61ක් ලෙස වාර්තා වී ඇත.

Continue Reading

Local News

හෙට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වය – අවධානයෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

Published

on

By

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය.

එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී සිටී.

Continue Reading

Local News

අලුත් අවුරුද්දේ දින 6කින් අධිවේගී මාර්ගවලින් වාහන 7 ලක්ෂ 87,000ක්…

Published

on

By

මෙවර අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අතරින් පසුගිය දිනයකදී (අප්‍රේල් 15) පමණක් ආදායම රුපියල් මිලියන 48ක් වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළාය.

අද (අප්‍රේල් 16) දිනයේ, අලුත් අවුරුදු ගමන් සදහා පහසුවක් ලබාදීම සඳහා සියලුම අධිවේගී මාර්ග කවුළු විවෘතව තබා ඇති බවද ඔහු පැවසීය.

වාහනයක් ආපදාකට ලක්වුණහොත්, 1969 කෙටි අංකය ඔස්සේ ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන්නැයිද මහජනතාවට ඔහු ඉල්ලීමක් කර සිටියා

Continue Reading

ප්‍රවණතාවන්