Local News
October 21, 2025
43 views 0 secs 0

අමාත්‍යංශ විෂය පථ කිහිපයක වෙනස්කම්..

අමාත්‍යංශ කිහිපයක විෂය පථ, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම සංශෝධන සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතර, පසුගිය කැබිනට් සංශෝධනයත් සමඟ මෙම විෂය පථයන් යළි සකස් කර තිබේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක […]

Highlights, Local News
October 21, 2025
52 views 0 secs 0

දිවයිනට විටින් විට තද වැසි සහිත කාලගුණ තත්ත්වයක්….

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ද ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවනු ඇතැයිද සඳහන් කරයි. නැගෙනහිර දිසාවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් […]

Local News
October 19, 2025
52 views 1 sec 0

කීරි සම්බාට ආදේශක ලෙස පොන්නි සම්බා (GR 11) සහල් ආනයනයට අවසර

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී. ඒ අනුව, කීරි සම්බාට සමාන (GR 11) පොන්නි සම්බා […]

Highlights, Local News
October 15, 2025
52 views 0 secs 0

ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම දිවයිනට..

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් ලෙස හඳුනාගත් ඉෂාරා සෙව්වන්දි සහ ඇය සමඟ සිටි කණ්ඩායම අද (15) කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ බව වාර්තා වේ. ඇය ඇතුළු පුද්ගල 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 13 වැනිදාය. එම කණ්ඩායම අද ප.ව. 6.52ට නේපාලයේ කත්මණ්ඩු නුවරින් […]

Local News
October 15, 2025
55 views 0 secs 0

පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ…

පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසා ඇත. මෙම තීරණය, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමේදී ගනු ලැබූ බව සඳහන් වේ. ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව. 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි […]

Local News
October 15, 2025
50 views 0 secs 0

සමගි ජනබලවේගය හා එකමුතුවෙන් ක්‍රියා කිරීමට කැපවෙන බවට එජාපයෙන් නිවේදනයක්…

එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජනබලවේගය (එස්.ජේ.බී.) අතර පවතින දුරස්ථභාවය අවසන් කරමින් එක්මුතුවෙන් ක්‍රියා කිරීමට කැපවෙන බව එජාපය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම තම පක්ෂයේ ස්ථාවරය බවය. එමගින්, බහුපක්ෂ ක්‍රමය රැක ගැනීමේදී […]

Highlights, Local News
October 15, 2025
49 views 1 sec 0

අග්‍රාමාත්‍යවරිය හෙට ඉන්දියාව බලා පිටත් වෙයි…

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) දින ඉන්දියාවට නිල සංචාරයකට පිටත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. ඇය මෙම සංචාරය සිදු කරනුයේ ඔක්තෝබර් 16 සිට 18 දක්වා කාලය තුළය. සංචාරය සමඟ අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ නියෝජිතයන් සමඟ ද තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම, ඔක්තෝබර් 17 […]

Local News
October 15, 2025
51 views 0 secs 0

රන් මිල තවත් ඉහලට….

මෙරට රන් මිල යළි ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි. ඒ අනුව ඊයේ (14) දිනයට සාපේක්ෂව රුපියල් 5,000කින් වැඩිවීමක් අද (15) දිනයේ දී වාර්තා වී ඇත. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ අනුව, වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, විශ්ව රන් මිල ගණන් සහ දේශීය විනිමය අනුපාතවල වෙනස්කම් මේ වැඩිවීමට බලපා ඇති බවයි.

Local News
October 14, 2025
54 views 0 secs 0

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප….

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙහිදී, 2022 මැයි 9 වැනිදා අරගලය […]

Highlights, Local News
October 14, 2025
54 views 0 secs 0

විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණයකට…

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයකට පත්ව ඇත. එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ ඉදිරි මාස තුන තුළ විදුලි බිලවල කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති බවය. මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා […]