Local News
November 04, 2025
100 views 0 secs 0

පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණය වෙනස් නොකළහොත් ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග…

පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය වෙනස් කිරීමට රජයට නොවැම්බර් 07 වන දින දක්වා කාලයක් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඔවුන් කියාසිටිනේ, එම තීරණය අහෝසි නොකළහොත් දෙසැම්බර් පළමු සතියේදී දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ […]

Local News, Tech
November 04, 2025
109 views 1 sec 0

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම් වංචා වැඩි වෙයි….

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව තත්පරයෙන් වැඩිවෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවය. වට්ස්ඇප් සමූහ භාවිතයේදී මෙම වංචාකාරී ක්‍රියාවන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය. ඔහු […]

Local News
November 04, 2025
101 views 1 sec 0

‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම්…

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ මගින් මේ වන විට රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇත. ඊයේ (03) වන විට මෙම සන්ධිස්ථානය පසුකර ඇති අතර, රාජ්‍ය ආයතන 200ක් දැනට මෙම ඩිජිටල් පද්ධතියට එක්ව ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. රජයේ සේවාවන්වල ආරක්ෂිත හා මාර්ගගත ගෙවීම් පහසු කිරීමේ අරමුණින් ‘GovPay’ […]

Local News
November 03, 2025
106 views 0 secs 0

වයඹ පළාත් ජාතික හැඳුනුම්පත් එක් දින සේවාව ආරම්භය..

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය අද (03) දින සිට එක් දින සේවා කටයුතු ආරම්භ කර ඇති බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙම සේවාව හරහා වයඹ පළාත් ජනතාවට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සහ ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට හැකි වේ. පළාත් කාර්යාලය පිහිටා ඇත්තේ —පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වයඹ පළාත් කාර්යාලය, 03 […]

Local News
November 03, 2025
117 views 0 secs 0

ලෝක සුනාමි දිනට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 දින…

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට අනුකූලව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වනදා සිදුකිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවිධානය කරන මෙම අභ්‍යාසය, යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම මඟින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා කලාපීය මට්ටමේ පවත්වනු ලබයි. මෙම අභ්‍යාසය තුළින් පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් […]

Local News
November 03, 2025
98 views 0 secs 0

පාසල් කාලය දිගු කිරීම වෘත්තීය සමිති හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණය කළ බව අග්‍රාමාත්‍ය පවසයි…

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය වෘත්තීය සමිති සහ අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනු ලැබූ බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය. ඇය පෙන්වා දුන්නේ, වෙනස්කම් සිදුකිරීමේදී විවිධ අදහස් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් බවය. කෙසේවෙතත්, පාසල් කාලය දිගු කිරීමට ගත් තීරණය කිසිදු කරුණු අධ්‍යයනයකින් තොරව බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ […]

Local News
October 27, 2025
108 views 0 secs 0

අධික වර්ෂාපතන අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවතින අධික වර්ෂාපතන හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද (27) පස්වරු 4:00 සිට හෙට (28) පස්වරු 4:00 දක්වා යාවත්කාලීන කළ බව සඳහන් කරයි. දෙවන මට්ටමේ නිවේදනය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස: ගාල්ල: නාගොඩ, ඇල්පිටිය, බද්දේගමමහනුවර: යටිනුවරකෑගල්ල: කෑගල්ල, මාවනැල්ල, යටියන්තොට, අරණායක, දෙහිඹ්විට, රඹුක්කනරත්නපුර: කලවාන, ඇහැළියගොඩ, රත්නපුර පළමු මට්ටමේ නිවේදනය ක්‍රියාත්මක […]

Local News
October 27, 2025
121 views 0 secs 0

කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් යළි ආරම්භ කරයි…

වසර 04 කාලයක් අත්හිටුවා තිබූ කුවේට් ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළේය. මෙහි මංගල ගමන සඳහා කුවේට් ගුවන් සේවයට අයත් A-320 නියෝ වර්ගයේ ගුවන් යානය අද (27) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ, ජල ආචාර මධ්‍යයේ පිළිගැනීමක් සිදු විය. මෙම ගමන සඳහා මගීන් 94 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 06 දෙනෙකු එක්ව […]

Local News
October 27, 2025
117 views 0 secs 0

ඔක්තෝබර් මාස පසුගිය සති 3 තුළ මෙරටට සංචාරකයින් 120,000කට ආසන්න ප්‍රමාණයක්…

ඔක්තෝබර් මස 23 වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,845,164 ක් පමණ වේ. මෙරට සංචාරකයින්ගේ ඉහළ යාමක් දැක්වූ නමුත්, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු නොකිරීම, සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව සඳහන් කරයි. එහි සභාපති […]

Local News
October 27, 2025
104 views 0 secs 0

මොන්තා සුළිකුණාටුවට ඉන්දියාවට…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඔඩිෂා, බටහිර බෙංගාලය, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන ප්‍රාන්තවලට තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. “මොන්තා” ලෙස නම් කරන ලද මෙම පීඩන අවපාතය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් බවට පත්විය හැකි අතර පැයට කිලෝමීටර් 90–110 ත් […]