නවතම ප්රවෘත්ති

World | Latest News & Updates
10:43 pm - December 04, 2025
10:42 pm - December 04, 2025
10:39 pm - December 04, 2025
12:28 pm - November 27, 2025
12:24 pm - November 27, 2025
10:22 pm - November 21, 2025
10:16 pm - November 21, 2025
10:14 pm - November 21, 2025

මහනුවර–කොළඹ මාර්ගය කෑගල්ල දිස්ත්‍රික් කඩුගන්නාව ප්‍රදේශයෙන් අද පස්වරුවේ සිට නැවත වසා දැමූ බව දිස්ත්‍රික් ලේකම් ජේ.එම්. හේරත් මහතා දැනුම් දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලభූ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, නායයෑම් හේතුවෙන් මෙම මාර්ගය ඊට පෙරද කිහිපවාරයක් තාවකාලික ලෙස වසා තිබුණි. ඊයේ පස්වරුවේ එය යළි ගමනාගමනට විවෘත කළද අද නැවත වසා දැමීය.

ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ සියලු මාර්ග ඉදිරි දින හතරකදී යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා සඳහන් කරයි.

එසේම උඩරට දුම්රිය මාර්ගයේ හානියට ලක්වූ පේරාදෙණිය පාලම පිළිබඳව අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි.

Uncategorized

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Local News

බස්නාහිර පළාත් කසළ ගොඩකිරීම් සති තුනකින් ඉවත් කිරීමට උපදෙස්…

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අද (04) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රැස්වීමේදී, ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ සති
Local News

ඉන්දුනීසියාවේ භූකම්පනයක්. ශ්‍රී ලංකා වෙරළබඩ ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක තීව්‍ර භූකම්පනයක් අද (27) සිදුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන
Highlights , Local News

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් උසස් පෙළ විභාය පැවැත්වෙන දින

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්, අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ