කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව පූර්ව දැනුම් දීමකින් තොරව වසා දැමීමෙන්, එහි සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමිවී ඇති බව වාර්තා වේ.
මේ වන විට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර එහි ආරක්ෂක නිලධාරීන් පමණක් රැඳී සිටින අතර මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.
