760 views 0 secs 0 comments

සෞදි අරාබියේ ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවයි..

In World News
December 21, 2020

සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවත කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රටේ ජනතාවගේ මෙන්ම විදේශිකයින්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත්ය.

කෙසේවෙතත් සෞදි අරාබියේ සිට වෙනත් රටවල් සඳහා සිදුකෙරෙන ගුවන්ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.