143 views 0 secs 0 comments

ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා – ජනාධිපති

In Local News
May 09, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි.

ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවත්, සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස ද තමා ඉල්ලා සිටින බවයි.