49 views 0 secs 0 comments

රු. 3,000ක අල්ලස් මුදලක් ගැනූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

In Local News
July 15, 2025

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රද්දොළුගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා, රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය නීතිමය ක්‍රියාවලියට අනුව නොව, රු. 3,000ක අල්ලස් මුදලක් ලබාගෙන ආපසු ලබා දී ඇති බව පැමිණිලිකරුගේ ප‍්‍රකාශයකින් අනාවරණය විය.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.