679 views 0 secs 0 comments

ද.ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ…

In World News
December 26, 2020

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ආරම්භ කරන ලද නව සිනමා පටයක රූගත කිරීම් අතරතුර එහි සේවකයින් 4 දෙනෙකුට කොවිඩ් ආසාදිතවීම හේතුවෙන් එහි රූගතකිරීම් තාවකාලිකව නවතා දැමුණි.පසුව රජිනිකාන්ත් සිදුකර තිබූ ඵ්Cර්‍ පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවය.