656 views 0 secs 0 comments

කැළණිය විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙකුටත් කොවිඩ් බවට තහවුරු වෙයි..

In Local News
February 05, 2021

කැළණිය විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු පසුගියදා අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විශ්ව විද්‍යාල මාධ්‍ය අංශය වාර්තා කලා.
ඉන් තිදෙනෙක් නේවාසිකාගාරවල රැඳී සිටි අය වන අතර අනෙක් දෙදෙනා බාහිර නවාතැන්වල රැඳීසිටින අය බව වාර්තා වේ.
ආසාදිත සිසුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 24 දෙනෙකු අද (05) දිනයේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කර ඇති නමුත් ඉන් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබේ.