161 views 0 secs 0 comments

දෛනික මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් – වෛද්‍ය හේමන්ත හේරත්

In Health, Local News
November 23, 2021

කොවිඩ් මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 18 ක් පමණ වන දෛනික මරණ සංඛ්‍යාව සඳුදා (22) දිනයේදී 31 දක්වා ඉහළ ගියේය.එය ආසන්න අනතුරක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් විය හැකි බව ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“වසංගත රෝග අංශයේ වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ ගැන සොයා බලන්න සහ මරණ වැඩි වුණේ ඇයි කියලා විශ්ලේෂණය කරන්න. මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී ලබා ගැනීමට නියමිතයි.” ඔහු වැඩිදුරටත් පැවසීය., විශේෂයෙන් සීමා ලිහිල් කර ඇති තත්වයක් තුළ වඩාත් ප්‍රවේශම් වන ලෙස වෛද්‍ය හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.