
මහ බැංකුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය නිවේදනය කර තිබෙනවා. ජනවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 14.2 ක් වන අතර දෙසැම්බර් මාසයේ එය වාර්තා වී තිබුනේ සියයට 12.1 ක් ලෙසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.1 ක ඉහළ යෑමක් බවයි.
මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
