
අද (01) දිනයේ මහ බැංකු අධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. එම සාකච්ඡාව රේගුවේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහලුම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙනුයි. මහ බැංකු අධිපතිවරයා සමඟ අදාළ බහලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.