246 views 0 secs 0 comments

සාමාන්‍ය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම හෙට සිට…

In Local News
April 18, 2022

අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරූ අතර අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

එම සමාගම පැවසුවේ තමන් සතුව ඉතිරිව ඇති තොග වාණිජමය කටයුතු සඳහා පමණක් අද දිනයේ නිකුත් කළ බවයි.

අද දිනයේ ගෑස් තොගයක් සහිත නෞකාවක් දිවයිනට පැමිණෙන බවත් හෙට දිනයේ සිට යළිත් ගෑස් සාමාන්‍ය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කෙරෙන බවත් ලිට්‍රෝ සමාගම පැවසී ය.