
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00 ට ඉවත් කර පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 14 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.