179 views 0 secs 0 comments

විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක්..

In Local News
June 21, 2022

විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, තම පක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.