168 views 0 secs 0 comments

රත්‍රං මිල පහළට….

In Local News
March 22, 2023

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙස දැක්වුණු අතර අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියා.