
අද (27) දිනයේ මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ පවසනවා.
පසුගිය සිකුරාදා රුපියල් 161,000 ක් වූ කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති අතර රුපියල් 175,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ රුපියල් 172,000 ක් දක්වා පහත වැටී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳුන් සඳහන් කර සිටියා.