177 views 0 secs 0 comments

ජාතික සම්මාන හා ගෞරව නාම අවභාවිතය නැවැත්වීමට කඩිනම් පියවර..

In Local News
February 23, 2024

නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. මේ හේතුවෙන් සැබෑ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන්ට සිදුවන බරපතළ අසාධාරණය සහ අගෞරවය වැළැක්වීම සඳහා මෙම අවභාවිතය කඩිනමින් නැවැත්විය යුතු බව ද සමන් ඒකානායක මහතා අවධාරණය කළේය.