Connect with us

Local News

වතු සේවකයින්ගේ දෛනික වැටුප ඉහලට…

Published

on

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර අතර ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

මැතිවරණ කොමිසමට තවත් පැමිණිලි…

Published

on

By

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ.

මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් සඳහන්ව තිබේ.

Continue Reading

Local News

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු සිය ධූර වලින් ඉවතට…

Published

on

By

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

මෙලෙස සිය ධූර වලින් ඉවත් කරනු ලැබ ඇත්තේ, ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර තිබේ.

Continue Reading

Local News

මගේ සහය කාටත් නැහැ – චන්ද්‍රිකා බණ්ඩාරනායක

Published

on

By

මෙවර ජනාධිපතිවරණයේ දි තම සහය කිසිදු අපේක්ෂකයෙකුට ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නාය.

Continue Reading

ප්‍රවණතාවන්