මෙවර ජනාධිපතිවරණයේ දි තම සහය කිසිදු අපේක්ෂකයෙකුට ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නාය.
